Be verb දැන් නැතුවම බැරිද එතකොට-01-[ingrisi|ඉන්ගිරිසි|kadda|]

, , No Comments
අන්තර්ජාතික තලය තුල මෙන්ම ලාංකීක තලය තුලද එක හා සමානව වැදගත්කමක් ඇති යම් බසක් පවතින්නේද ඒ අන් කවරක් නොව ඉන්ගිරිසි බසයි.ලොකු කුඩා කවරෙක් වුවද එක හා සමාන ලෙස ඇලුම් කරන තවත් විටක වෛර කරන එකම හා ජනප්‍රියම බස ඉන්ගිරිසි වේ.පාසල් කාලය තුලදී අවුරුදු 13ක කාලයක් පුරාවට ඉගැන්වෙන එකම බස වන්නේද ඉන්ගිරිසි බසය.නමුත් බොහෝ දෙනාට අපහසු වන බස වන්නේද මෙම ඉන්ගිරිසි බසමය.මෙම අඩවිය ඔස්සේ ඔබගේ එම බස නිවැරදි ආකාරයෙන් තනා ඔබව සමාජයට වැඩදායි පුද්ගලයෙකු කරන වගකීම අප බාරගන්නෙමු.
             අපගේ විශ්වාස නම් ඔබට මෙහි හෝඩිය පිළිබද යම් අවබෝදයක් පවතින බවටය.නොමැතිනම් අප ඉදිරියේදී සම්පුර්ණ ලිපියක් ඒ පිළිබදව පල කරන බවද මෙහි දී සදහන් කරන්න කැමැත්තෙමු.
                          මෙම බස තුල පවතින සරලම, බොහෝ දෙනා පටලවා ගන්නා පඩමක් වන්නේ මෙම be verb කොටසය.මෙම බී වර්බ් කොටසින් ප්‍ර‍ධාන වශයෙන් කියැවෙන්නේ පුද්ගයින්,ස්ථාන,කාලගුණික තත්වයන්,හැගීම් යන දේ පමනි.මෙමගින් ක්‍රියාපද යොදා ලිවීම,කථා කිරීම වැරදිය.එය බස විකුර්ති කරීමකි.

  • Present tense - වර්ථමාන කාලය
                Subject  + am/is/are  + Object  +

ඉහත පවතිනනේ මෙහි සැකැස්මය.පළමුව කතෘ එය I නම් am ද,he,she,It නම් is ද,You,We,They නම් are ද යොදන්න. අනතුරුව කර්මය යොදන්න.මෙය පහත උදාහරණ වලින් හොදින් ඔබට අවබෝධ වනු ඇත.

       I am tired.
       (අයි අෑම් ටයර්ඩ්)
       මට මහන්සිය. 
 මෙහි ඔබට ක්‍රියාවක් දකින්න නොලැබේ.මන්ද මෙමගින් ක්‍රියාවක් සදහන් නොකරන බැවිනි.මෙම අකාරයට ඔබට වාක්‍ය අසීමිත ගනනක් සෑදිය හැක.කතා කර හැක. අවශ්‍ය වන්නේ බාවිතය පමණි. 
  
  We are hungry.
   අපිට බඩගිනියි.
  You are mad.
  ඔයාට පිස්සු.
  Girls are foolish. 
  කෙල්ලො මෝඩයි. 
  
අපි දැන් මෙම වාක්‍ය all forms වලට දමා කතා කරමු,ලියමු.

 A.F: You are mad.
 ඔයාට පිස්සු.
 Q.F:  Are you mad.
  ඔයාට පිස්සුද?
 N.F:  You aren't mad.
 ඔයාට පිස්සු නෑ.
 N.Q.F: Aren't you mad.
 ඔයාට පිස්සු නැද්ද?

මෙහිදී ඉහත දී ඇති aren't සෑදී ඇත්තේ are + not එකතු වීමෙන්ය. එම ස්ථනයට are not ඇතුලත් කරුවද  වරදක් නොමැත.නමුත් වේගයන් ලස්සනට කතා කරන්න අපි බවිතයට ගනු ලබන්නේ කෙටි වැකිය.

  • Past tense - අතීත කාලය
                Subject  + was/were  + Object  + R
 අතීත කාලයෙන් යම් අදහස් ක්‍රියාවක් නොමැතිව පැවසීමේ දී ඉහත සැකැස්මට අනුව යමින් එය සිදු කල යුතුවේ.

We were hungry.
අපිට බඩගිනි වුනා.


You were mad.
  ඔයාට පිස්සු තිබුනා.

I was good.
මම හොද වුනා.
( I බහු වචනයක් වුවද අතීත කාලයේදී එය ඒක වදනයක් ලෙස සලකා was යොදන්න ලෙස සුද්දන්ගේ නීතියක් ඇත.)


A.F: You were mad.
 ඔයාට පිස්සු හැදිලා .
 Q.F: Were you mad.
  ඔයාට පිස්සුද හැදිලද?
 N.F:  You weren't mad.                     -     (were+not)= weren't
 ඔයාට පිස්සු හැදිලා නෑ.
 N.Q.F: weren't you mad.
 ඔයාට පිස්සු හැදිලා නැද්ද?

මේ ආකාරයටම wasn't(was + not) එක වචන පද සමග යොදා වාක්‍ය තැනිය හැක.

  1. She was beautiful.-ඇය ලස්සන වුනා.
  2. Was she beautiful?-ඇය ලස්සන වුනාද?
  3. She wasn't beautiful.-ඇය ලස්සන වුන්නෑ.
  4.  Wasn't she beautiful? -ඇය ලස්සන වුන්නැද්ද? 

  • Future tense - අනාගත කාලය
                Subject  + will be  + Object  + R

 We will be hungry.
   අපිට බඩගිනි වෙයි.
  You will be mad.
  ඔයාට පිස්සු හැදෙයි.
  Girls will be foolish. 
  කෙල්ලො මෝඩ වෙයි.



  1. She will be beautiful.-ඇය ලස්සන වුනා.
  2. Will she be beautiful?-ඇය ලස්සන වුනාද?
  3. She won't be beautiful.-ඇය ලස්සන වුන්නෑ.   -(will+not)= won't
  4.  Won't she be beautiful? -ඇය ලස්සන වුන්නැද්ද?   
 මෙම will be ඒක වචන බහු වචන බේදයකින් තොරව යෙදිය හැක.
                        
    ඉන්ගිරිසි බස උගනීමට අදහසක් තබේනම් නිතරම ඉන්ගිරිසි පරසරයක් ඔබගේ නිවස තුල ගොඩනගා ගන්න.එනම් ඔබ නිතරම English පුවත් බලන්න.English පත්තර පොත් කියවන්න.මෙවා සරල ලෙස පෙනුනද ඒවාට ඉතා වාදගත් මෙහෙයක් බස ගොඩ නැගීමට සිදු කල හැකි බව අමතක නොකරන්න.මෙම අඩියෙ ඉදිරි ලිපි ලිවීමට ඔබගේ අදහස් උදහස් නිබදව අවශ්‍ය වන නිසා ඔබගේ අදහස් පහතින් දමා යන්න කාරුණික වන්න.